2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

කුණු කන්දේ ජාවාරම පිටුපස අැමැතිලා පිරිසක්

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 336

- චම්පික චෝදනා කරයි

මීතොටමුල්ල කුණුකන්දේ අර්බුදය විසඳීමට ඉඩ නොදුන්නේ ඇමැතිවරු පිරිසක් සහ කුණු කන්දට සම්බන්ධ ජාවාරම්කාරයන් පිරිසක් බව මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දේශයට කීය.

වත්මන් රජය මීතොටමුල්ලේ කුණු ජාඇළ ප්‍රදේශයට ගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී ආගමික නායකයන් හා ඇතැම් දේශපාලනඥයන් ඊට එරෙහි වූ බවද ඇමැතිවරයා කීය.

කුණුකන්ද ඇතැමුන්ට ධන ආකරයක් වූ බව පැවසූ අමාත්‍යවරයා ඒ වටා මාෆියාවක් ගොඩනැගුණු බවත් සඳහන් කළේය. මීතොටමුල්ලේ කුණුකන්ද වටා පවුල් 400ක් පමණ පදිංචි වූයේ මේ කුණු ජාවාරම්කරුවන් නිසා බව කී අමාත්‍යවරයා රජය ජාතික ප්‍රශ්නයක් ලෙස වහා විසඳුම් සෙවිය යුතු බවද වැඩිදුරටත් කීය.

​l සංජීවිකා සමරතුංග

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01