2021 මාර්තු 06 වන සෙනසුරාදා

දැන් තියෙන්නේ එදාවේල ආණ්ඩුවක් - සුනිල් හඳුන්නෙත්ති

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

ගයාන් ගාල්ලගේ I

වත්මන් රජය එදාවේල ආණ්ඩුවක් බවට පත්වී ඇති බැවින් නිතිපතා රුපියල් බිලියන ගණනින් සල්ලි අච්චු ගසමින් ආර්ථිකය අනතුරකට තල්ලු කරන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිපත්තිය ආණ්ඩුවේ සිටින ඇතැම් ප්‍රබලයන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් අනුව හැඩගැසී ඇති බවත් ජාතික ආර්ථික න්‍යාය පත්‍රයක් දකින්න නොමැති බවත් ඔහු කීය.

ආණ්ඩුව තොග ගණනින් මුදල් අච්චු ගැසීම නිසා විශාල ලෙස උද්දමනය ඉහළ යාම කිසිම ජගතෙකුට නවත්වන්නට බැරි බව ඔහු සඳහන් කළේය. අවසානයේ සියලු බර රටේ දුගී දුප්පත් තැලෙන පෙලෙන ජනතාව මත පැටවෙන බවද හඳුන්නෙත්ති මහතා පැවසීය.