2021 මාර්තු 06 වන සෙනසුරාදා

“කළු ඉරිදා” අදයි

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 12

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට මෙතෙක් සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් කොළඹ අගරදගුරු පදවියේ මෙහෙයවීමෙන් අද දින (7දා) කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. කළු ඉරිදා විරෝධතාව ප්‍රධාන වශයෙන් පැවැත්වෙන්නේ කතෝලිකයන් ලක්ෂ පහමාරක් පමණ සිටින බස්නාහිර පළාතේ 500 අධික දේවස්ථානයන්හි ‍බැව් වාර්තා වෙයි.

සියලු කතෝලික බැතිමතුන් කළු පැහැති වස්ත්‍රවලින් සැරසී අද උදෑසන දේව මෙහෙයට සහභාගී වන අතර දේව මෙහෙයෙන් පසු එම දේවස්ථාන ඉදිරිපිට සාමකාමී සත්‍යග්‍රහයක් කරමින් නිහඬ විරෝධාවක නිරත වීමට කටයුතු කර තිබේ.

මෙම විරෝධතාව සඳහා බස්නාහිර පළාතේ කතෝලික දේවස්ථානවල පමණක් පැවැත්වීමට යෝජනා කර තිබුණද මේ වන විට දිවයිනේ ඇති දේවස්ථාන 2000ක පමණ කතෝලික ජනතාව ස්වේච්ඡාවෙන් මෙම විරෝධය දැක්වීම සඳහා ඉදිරිපත් වී සිටින බවද වාර්තා වේ.

මෙම විරෝධතාවේ වැදගත් කරුණක් වන්නේ බෞද්ධ භික්ෂූන් ඇතුළු සෙසු ආගමික නායකයන්ද කළු ඉරිදාවට සහාය පළ කිරීමය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01