2021 මාර්තු 06 වන සෙනසුරාදා

මාස 6කට මන්ත්‍රීකම ලැබුණොත් වැඩ පෙන්වනවා - ඥානසාර හිමි

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

I ගයාන් ගාල්ලගේ

පාර්ලිමේන්තුවේ කවුරුන් හෝ පරිත්‍යාගශීලියකු මාස හයකට මන්ත්‍රීධුරයක් තමන්ට ලබා දෙන්නේ නම් ඉස්ලාම් අන්‍තවාදය කුමක්ද යන්න මැති ඇමැතිවරුන් 225ට ම තමන් කියාදෙන බව බොදු බලසේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ දේශයට පැවසූහ.

එම මන්ත්‍රී ධුරය තමන්‍ට ලැබුණොතින් වසර පහළවක් පුරා ඉස්ලාම් අන්තවාදය ගැන සොයාගත් තොරතුරු සියල්ල සභාගත කරන බවද උන්වහන්සේ පැවසීය.

එවැනි අවස්ථාවක් ළඟදී ලැබුණත් එය මගහැරී ගිය බවත් තමන් දැන් හෝ එයට අවස්ථාවක් ලැබෙනු ඇතැයි විස්වාස කරන බවත් ඥානසාර හිමියෝ පැවසූහ.