2021 මාර්තු 06 වන සෙනසුරාදා

මුස්ලිම් මෘතදේහ භූමදානය: ඉරණතිව් වෙනුවට ඔට්ටමාවඩ් සහ ඉරක්කමම්

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 25

දේශපාලන වාර්තාකරු I

කොරෝනා රෝගයෙන් මරණයට පත්වන මුස්ලිම්වරුන්ගේ මෘතදේහ ඉරණතිව් දූපතේ භූමදාන කිරීමට එරෙහිව විරෝධතා මතුවීම නිසා නැගෙනහිර පළාතේ ස්ථාන දෙකක් මේ සඳහා තෝරාගැනිමට සෞඛ්‍ය බලධරයන් ක්‍රියා කරමින් සිටින බව වාර්තා වෙයි.

මුස්ලිම් බහුතරයක් වසන ඔට්ටමාවඩි සහ ඉරක්කමම් ප්‍රදේශවල සුසාන භූමි දෙකක් ගැන බලධරයන්ගේ අවධානය යොමුව තිබේ. එම ස්ථාන ගැන සෞඛ්‍ය බලධරයන් මූලික පරීක්ෂණයක්ද පවත්වා ඇත. එහෙත් දැන් ඉරණතිව්හි මරණ භූමදානයට අදාළ ගැසට් නිවේදනය පවා නිකුත්කර තිබේ. එබැවින් අලුත් සුසාන භූමි තෝරාගතහොත් ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව ගැසට්ටුවක් ප්‍රකාශයට පත්කළ යුතුය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00