2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

කොළඹ එන්නත් වැඩේ අවුල්වෙලා - මුරුත්තෙට්ටුවේ හිමි

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 176

දේශපාලන වාර්තාකරු I

කොළඹ ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණය අවුලක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා හෙද සංගමයේ සභාපති මුරුත්තෙටුට්වේ ආනන්ද නාහිමියෝ පවසති.

රජය මැදිහත් වී ගෙන්වන ලද (කොවිෂීල්ඩ්) එන්නත ගැන බියවීමට කිසිදු කරුණක් නැත. එහෙත් එන්නත ලබාදීමේ වැඩසටහන කිසිදු ප්‍රමිතියකින් තොරව ක්‍රියාත්මක වන බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි උන්වහන්සේ පැවසූහ.

එන්නත්කරණ ස්ථානවල පවා ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීමෙන් ජනතාව පීඩාවට පත්ව සිටිති. එබැවින් කොළඹ ආශ්‍රිත පන්සල්වල හෝ එන්නත්කරණ කටයුතු කරන්නේ නම් ඊට අනුග්‍රහය ලබාදිය හැකි බව උන්වහන්සේ වැඩිදුරටත් කීහ.