2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

කොරෝනා පැතිරීම අඩුවෙලා - උපුල් රෝහණ

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

I ගයාන් ගාල්ලගේ

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය යම් තරමක පහළ යෑමක් ක්‍රමයෙන් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

විශේෂයෙන් ජනතාව සෞඛ්‍ය පුරුදු නිසි ලෙස ක්‍රියාත්මක කිරීමත් එන්නත්කරණයත් හේතුවෙන් රෝග ව්‍යාප්තිය පහළ යෑමේ අගයක් ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනතාව නිතර අත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, මීටරයක පරතරය තබාගැනීම වැනි ඉතාමත් පහසු ක්‍රමවේද අනුගමනය කිරීම මත තවත් කෙටි කාලයක් තුළ රෝගය සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බව ඒ මහතා කීය.