2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

පාස්කු කොමිසමේ නිර්දේශ: ජනපතිගෙන් හදිසි කමිටුවක්

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 187

දේශපාලන වාර්තාකරුI

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කළ කොමිසමේ නියමයන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන රජයට නිර්දේශ කිරීමට විශේෂ කැබිනට් අනුකමිටුවක් පත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුව පත්කර ඇත්තේ හදිසි කටයුත්තක් සේ සලකා අදාළ නිර්දේශ මාර්තු 15ට පෙර ලබාදෙන ලෙස කමිටුවට නියම කරමිනි.

එම අමාත්‍ය කමිටුවේ සභාපති ධූරයට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පත් කර තිබේ. සෙසු සාමාජිකයන් වන්නේ අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ සහ රෝහිත අබේගුණවර්ධනය. අමාත්‍ය කමිටුවේ ලේකම් ධූරයට ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා පත් කර තිබේ.