2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

පමාවූ නිල ඇඳුම් 25දාට බෙදා අවසන්

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 22

I චමිඳු නිසල් ද සිල්වා

දේශීයව නිෂ්පාදන කරන ලද පාසල් නිල ඇඳුම් බෙදාදීම පෙබරවාරි මස විසිපස් වැනිදා වනවිට නිමකිරීමට හැකිවනු ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා දේශයට පැවසීය.

නිල ඇඳුම් නිෂ්පාදන සඳහා  වන ඇණවුම 2020 ඔක්තෝබර් මස 31 වැනිදා අදාළ ආයතන වෙත ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශ කටයුතු කර තිබූ අතර දෙසැම්බර් 31 වැනිදා වනවිට එම ඇණවුම සම්පූර්ණ කළ යුතුව තිබුණි. එහෙත් ගම්පහ දිස්ත්‍රික්කයට බලපෑ කොවිඩ් තත්ත්වය මත අදාළ ඇණවුම සම්පූර්ණ කිරීමට ජනවාරි 31 වැනිදා දක්වා කල් ලබාදී තිබේ. ඒ අනුව අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පිළිවිතර පරීක්ෂාවන් සහිතව සිදුව ඇති බව මේ ගැන දේශයට කරුණු දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කීය.

අප වැඩිදුරටත් කළ විමසීමකදී 2021 වර්ෂය සඳහා අවශ්‍ය සියලු නිල ඇඳුම් අවශ්‍යතාව දේශීය කර්මාන්තකරුවන් වෙතින් ලබාගැනීමට කටයුතු කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය. අදාළ නිල ඇඳුම් කලාප අධ්‍යාපන කාර්යාලවලට හරහා පාසල් වෙත ලබාදීම මේ වනවිටත් සිදුවෙමින් පවතින බවද ඒ මහතා දේශය පැවසීය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01