2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

සතොස ආදායම් වර්තා තියයි

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

| දේශපාලන වාර්තාකරු

වසර පහක් තුළ කෝටි 2100ක අලාභයක් ලැබූ ස.තො.ස ආයතනයේ භාණ්ඩ වර්ග 27ක් සහන මිලට අලෙවි කිරීම ඇරඹීමත් සමඟ දින තුනක් තුළ 102%කින් අලෙවි ආදායම වැඩි වූ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට පැවසීය.

ඒ අනුව ස.තො.ස ඉදිරි මුදල් වසරේ ලාභ ලබන ආයතනයක් බවට පත් කළ හැකිවෙතැයි ඇමැතිවරයා විශ්වාසය පළ කළේය. පසුගිය කාලයේ ලැබූ අලාභයට අමතරව තවත් රුපියල් කෝටි 800ක් ස.තො.සට භාණ්ඩ සැපයූ සැපයුම්කරුවන්ට ගෙවීමට ඇත. එම නිසා දැන් ඉදිරි ගිවිසුම් ක්‍රමයක් යටතේ භාණ්ඩ මිලට ගැනීම අරඹා තිබේ.

භාණ්ඩ වර්ග 27ම අඩු කිරීමට පෙර දිනයේ ස.තො.ස ආදායම රුපියල් මිලියන 82ක්වූ අතර දින තුනකට පසු එම ආදායම රුපියල් මිලියන 166ක් දක්වා 102%කින් ඉහළ යාම බඩු මිල අඩුවීමේ වාසිය ජනතාව ලබාගත් බවට සාක්ෂියක් යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.