2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

විමල් උදය කණ්ඩායම ජනපති අගමැති හමුවට

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

දේශපාලන වාර්තාකරු I

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු ඇමැතිවරුන් විසින් කැඳවන ලද පක්ෂ එකතුවේ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී ඔවුනට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීන්දු කර තිබේ.

මෙතෙක් පක්ෂ 10කින් සමන්විතව තිබූ එම කණ්ඩායමට ඒ.එම්.ඒ. අතාවුල්ලා සහ ටිරාන් අලස්ගේ පක්ෂ දෙකද එක්වීමත් සමඟ දේශපාලන පක්ෂ 12ක සහාය එම කණ්ඩායමට ලැබී ඇත.

එම පක්ෂ එකතුව රටේ ජාතික ප්‍රශ්න සහ ඔවුන්ට බලපාන ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට ඒ ඒ පක්ෂ මූලස්ථානවලදී හමුවීම් යොදාගෙන තිබේ. එම පක්ෂ එකතුවේ මීළඟ රැස්වීම ලබන 25දා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.