2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

භූමදානයට ඉඩදෙන දිනයක් තාම නෑ

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 8

I දේශපාලන වාර්තාකරු

කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම්වරුන්ගේ මෘතදේහ භූමදානයට අවසර දෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ ද ඒ සඳහා අවසරය හිමිවන දිනය ප්‍රකාශ කිරීමට පෙර තවත් සෞඛ්‍ය නිර්දේශයක් ලබාගත යුතුව ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මේ ගැන රජයේ පක්ෂ නායකයන්ගේ හමුවේදී මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා ද  අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර තිබිණි. එහිදීත් අගමැතිවරයා කියා තිබුණේ ඒ ගැන වෛද්‍ය විශේෂඥ උපදේශයක් ලබාගත යුතු බවයි. අගමැතිවරයා මුස්ලිම්වරුන්ගේ මෘතදේහ භූමදානයට අවසර දෙන බව කීවේ කොළඹ දිස්ත්‍රික් ස.ජ.බ. මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීව‍රු මෙම තීරණය ගැන අගමැතිවරයාට ස්තූතිය සහ ප්‍රශංසාව පළ කළහ. මේ ගැන විශේෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කළ පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ද මහින්ද රාජපක්ෂ මහතාට ඒ සම්බන්ධව සිය දැඩි ප්‍රශංසාව පළ කර තිබිණි. එහෙත් ඇතැම් ජාතිකවාදී දේශීය සංවිධාන ගණනාවක් අගමැතිවරයාගේ තීන්දුව විවේචනය කර තිබේ.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00