2021 ජනවාරි 23 වන සෙනසුරාදා

තිසර පෙරේරාට ක්‍රිකට් පාලකයෝ සැරකරති

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 359

I විශේෂ වාර්තාකරුවකු විසිනි

ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ වාද විවාදවලට පැටලීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබේ.පසුගිය දින කිහිපයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය සමඟ තිසර පෙරේරා සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිකරගත් විවාදය ප්‍රසිද්ධියේ කිළිටි රෙදි සේදීමක් වන නිසා එය වහා නතර කරවන ලෙස පාර්ශ්ව ගණනාවක් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා තිබිණි.

එහෙත් මෙම විවාදයේ ප්‍රධාන පාර්ශ්වකරුවා වන ෂෙහාන් ජයසූරිය පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සමු දී අමෙරිකාවේ පදිංචියට ගියේය. තිසරගේ බිරිඳ හා ෂෙහාන් ජයසූරිය අත ඇතිවූවා යැයි කියන විවාදාසන්න කතා හේතුවෙන් සමාජ මාධ්‍යයේ ආන්දෝලනාත්මක පුවත් මැවිණි.