2021 ජනවාරි 23 වන සෙනසුරාදා

රන්ජන්ගේ මන්ත්‍රීධූරය: කතානායක නීතිපති හා අධිකරණ ඇමැති හමුවක්

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 175

දේශපාලන වාර්තාකරු  l

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි වී තිබේද නැතිනම් ඔහුට නිශ්චිත කාලයකට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගීවීමට අවසර දිය යුතුද යන්න විමසා බැලීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නීතිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා හෙට (සඳුදා) සවස 3.00ට පාර්ලිමේන්තුවට කැඳවා තිබේ.

එහිදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය සම්බන්ධව නීතිමය විමර්ශනයක් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට මැතිසභා රුස්වීම්වලට පැමිණීමට අවසර දෙන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීහු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියහ. ඒ ගැන තීන්දුවක් දීමට සති තුනක කාලයක් අවශ්‍ය බව කතානායකවරයා ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවට දැන්වීය. ඊට පෙර ඔහු මේ ගැන නීතිපතිවරයාගෙන් ලිඛිත උපදෙසක් ඉල්ලා තිබිණි. ඊට පිළිතුරු ලෙස නීතිපතිවරයා කතානායකවරයාට දන්වා තිබුණේ නඩු තීන්දුවක් සමගම රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බවයි.