2021 ජනවාරි 23 වන සෙනසුරාදා

කැබිනට් මාරු කතාව බොරු - අගමැති මහින්ද

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 30

දේශපාලන වාර්තාකරු l

ඉදිරි සතියේ කැබිනට් සංශෝධනයක් සිදුවෙතැයි පළවන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ලබන සතියේ කැබිනට් මණ්ඩලයේ තනතුරු ගණනාවක් මාරු වන බවත් අලුත් රාජ්‍ය ඇමැතිවරුන් ගණනාවක් පත්වන බවටත් පැතිර යන ආරංචි ගැන අග්‍රාමාත්‍යවරයාගෙන් දේශය කළ විමසුමකට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේ ඒ ගැන සාකච්ඡාවක්වත් සිදුව නැති බවයි. එබැවින් කැබිනට් මාරු කතාව පදනම් විරහිත යැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.