2021 ජනවාරි 23 වන සෙනසුරාදා

මුහුදු සීමාව ලොකු කරන්න: ලංකාව ඉල්ලයි

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව සැතපුම් 200 සිට 350ක් දක්වා පුළුල් කර දෙන ලෙස රජය එක්සත් ජාතීන්ගේ සාගර නීති සමුළුවෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා සාගර නීති සමුළුවෙන් මෙරට විදේශ අමාත්‍යංශයට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි දේශය මේ ගැන කළ විමසුමකට පිළිතුරු ලෙස විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව පුළුල් කරන ලෙස කාලයක් තිස්සේම ඉල්ලීම් කර තිබිණි. ඒ සම්බන්ධ මැනුම් හා සිතියම් සැකසීම එ.ජාතීන්ගේ සාගර නීති සමුළුව විසින් සිදුකර ඇත. මුහුදු සීමාව සැතපුම් 350ක් දක්වා පුළුල් කිරීම සඳහා රජය ඉදිරිපත් කළ කරුණ ගැන පැහැදිලි කිරීම් කිහිපයක් සපයන ලෙස මේ වන විටත් සාගර නීති සමුළුව ශ්‍රී ලංකාවට දන්වා ඇත. එම කටයුතු අවසන් වූ පසු රජයේ ඉල්ලීම ඉටුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විදේශ ලේකම්වරයා වැඩිදුරටත් කීය.