2021 ජනවාරි 23 වන සෙනසුරාදා

නව ව්‍යවස්ථාවට දේශපාලන පක්ෂ යෝජනා ලබාගනී

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 20

I දේශපාලන වාර්තාකරු

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත්කළ විද්වත් කමිටුව ඒ සඳහා දේශපාලන පක්ෂවලින් යෝජනා ලබාගැනීම පිණිස සාකච්ඡා ආරම්භ කිරීමට තීන්දුකර ඇත.

එහි මුල් පියවර ලෙස මෙම 23 සහ 24 (අද) දිනවල සාකච්ඡාවක් සංවිධානය කර තිබේ. ඊයේ (සෙනසුරාදා) මෙම සාකච්ඡා සඳහා රජය නියෝජනය කරන පක්ෂ කැඳවා තිබිණි. අද (ඉරිදා) විපක්ෂයේ ව්‍යවස්ථා සම්පාදන කමිටුව හමුවට කැඳවා තිබේ. ඒ සමඟ විපක්ෂයේ ව්‍යවස්ථා යෝජනා ඉදිරිපත් කරන ලෙසද දන්වා ඇතැයි වාර්තා වෙයි.

මෙයට පෙර නව ව්‍යවස්ථාව සඳහා මහජන යෝජනාද කැඳවා තිබිණි. මෙම වසර අවසානයට පෙර ඒ සම්බන්ධ මූලික කෙටුම්පතක් විද්වත් කමිටුව විසින් සකස් කිරීමට නියමිතය.

ව්‍යවස්ථා සම්පාදන කාර්යය පිළිබඳ ප්‍රවීණ නීතිඥයකු වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එහි ප්‍රධානත්වය දරයි.