2021 ජනවාරි 16 වන සෙනසුරාදා

පාන්-බනිස් රුපියල් 10කින් නගින ලකුණු

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 149

I යසවර්ධන රුද්රිගු

තව සති දෙකකින් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් පමණ වැඩිකිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන දේශය පුවත්පතට පැවසීය.

එයට ප්‍රධාන හේතුව වන්නේ රජය ආනයනික පාම් ඔයිල් ලීටරයකට රුපියල් 250ක තීරු බද්දක් පැනවීම බව ඔහු කියයි. ඒ අනුව පාම් ඔයිල් ලීටරයක මිල රුපියල් 500 ඉක්මවා යයි. බේකරි නිෂ්පාදනය සඳහා බහුලව පාවිච්චි කරන දේශීය නිෂ්පාදිත මාජරින් කිලෝව රුපියල් 600 දක්වා ඉහළ නැග තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

එසේම ආනයනය කරන මාජරින්වලටද රුපියල් 400ක ආනයන බද්දක් පනවා ඇති අතර මුලින් තිබූ බද්ද වූ රුපියල් 200 සමග කිලෝවකට රුපියල් 600ක බදු ගෙවිය යුතු නිසා කිලෝවක් මෙරටට එනවිට මිල රුපියල් 1000ද ඉක්මවන බව සභාපතිවරයා පෙන්වා දෙයි.

දේශීය මාජරින් නිෂ්පාදකයන්ටද සහනයක් වශයෙන් පාම් ඔයිල් සඳහා වැඩිකළ තීරුබද්ද මුලින් තිබූ මට්ටමට ගෙන එන ලෙස තම සංගමය අවස්ථා ගණනාවකදී වෙළෙඳ ඇමැති, අගමැති සහ ජනාධිපතිගෙන් ඉල්ලා ඇති නමුත් විසඳුමක් ලැබී නොමැති බව පෙන්වා දෙන සභාපතිවරයා බේකරි නිෂ්පාදනවල මිල අවම වශයෙන් රැපියල් 10කින් ඉහළ නැංවීම හැර අන් විකල්පයක් නැති බවද පැවසීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01