2021 ජනවාරි 16 වන සෙනසුරාදා

රා මදින්නන්ට සුපිරි වැටුප්

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 342

I ගයාන් ගාල්ලගේ

රා මදින්නන් සඳහා සුපිරි වැටුපක් සහිත රැකියා අවස්ථාවක් නිර්මාණය වී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව පොල් රා මදින්නෙකුට මසකට රු.150,000 සහිත පැකේජයක් ලබාදීමට එක්තරා පෞද්ගලික සමාගමක් සූදානම් බව සඳහන් වේ. පුහුණුවක් සහිත අවුරුදු 21ත් 35ත් අතර පුරුෂ පක්ෂයේ අයට මේ සඳහා ඉල්ලුම් කළ හැක.නුපුහුණු සේවකයන්ද මේ සඳහා ඇතුළත් කරන අතර ඔවුන්ට මාස හයක වෘත්තීය පුහුණුවෙන් පසුව රැකියාව ලබාදෙන බව එම සමාගම සඳහන් කරයි.

පැකේජයට අනුව මූලික වැටුපට අමතරව සේවයට පැමිණීමේ දීමනාව, රා ලීටරයක් සඳහා ගෙවන දිරි දීමනාව, වාර්ෂික ජීවිතාරක්ෂණාවරණයක්ද රැකියා සඳහා ලබාගන්නා රා මදින්නන්ට හිමිවන බව වැඩිදුරටත් වාර්තා වේ.

කලකට පෙර දිවයිනේ දුප්පතුන්ගේ රැකියාවක් ලෙස සඳහන් වුණු රා මැදීමේ වෘත්තියට මෙවන් සුපිරි වැටුපක් හිමිවීම තුළින් රා මැදීමද විශේෂ ශ්‍රේණියේ රැකියාවක් බවට පත්ව ඇත.