I හසිත් අංජන
සමගි ජනබලවේගයේ නව ව්‍යවස්ථා කෙටුම්පතට අනුව එම පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් 100ක් පත් කිරීම, අනුබද්ධ ආයතනවලට නිලධාරීන් පත්කිරීම සහ බිම් මට්ටමේ පාක්ෂිකයන් බඳවා ගැනීම යන සියලු කාරණා මෙම මස අවසානයට පෙර සිදු කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඒ අනුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, පක්ෂයේ කළමනාකරණ කමිටුව සහ ජාතික විධායක සභාව යන ආයතන සඳහා නිලධාරී මඩුල්ල මෙම මස අවසන් වීමට පෙර පත් කෙරෙනු ඇත.
සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් සියය වෙත පත්වීම් ලබාදීම මෙම වැඩපිළිවෙළට සමගාමීව මුලදීම සිදුකෙරෙන අතර බිම් මට්ටමේ පාක්ෂිකයන් බඳවා ගනිමින් ලබන අප්‍රේල් මාසයට පෙර පක්ෂයේ පුළුල් වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.