2021 ජනවාරි 16 වන සෙනසුරාදා

හිතුවක්කාර ගමන්වලින් වසංගතය උග්‍රවෙලා

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 26

I ගයාන් ගාල්ලගේ

උත්සව සමයේදී දැඩි සංචරණ සීමා පනවන ලෙසට කළ ඉල්ලීම නොසලකා හැරීම නිසා අද වනවිට රටතුළ කෝවිඩ් වසංගතයේ ඉතාම දරුණු තැනකට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට පැවසීය.

මේ වනවිට රටේ කුමන ප්‍රදේශය ලොක්ඩවුන් කරන්නේද යන්න පවා ගැටලුවක් වන තැනට රෝගීන් වාර්තා වන්නට පටන්ගෙන ඇති බව ඒ මහතා කීය.

උත්සව සමයේදී විශාල පිරිසක් කොළඹ නගරයෙන් බැහැරව ගොස් ඇති නිසා මේ වනවිට රටේ අනෙකුත් පළාත්වලින් විශාල වශයෙන් රෝගීන් වැඩිවන්නට පටන් ගෙන ඇති බව හෙතෙම සඳහන් කළේය. දැන්වත් බලධාරීන් රටේ පවතින ඇත්ත තත්ත්වය ජනතාවට කිවයුතු බව උපුල් රෝහණ මහතා පැවසීය.