2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

නැඟෙනහිර ජැටිය බැහැ බටහිර ජැටිය ඉන්දියාවට දෙන්න - වෘත්තීය සමිති

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 242

I හසිත් අංජන

ඉන්දීය ආයෝජන ලබාගෙන කොළඹ වරායේ නැ‍ෙගනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත්නම් දැනට ලාභදායී ලෙස පවත්වන ලද වරාය නැගෙනහිර පර්යන්තය වෙනුවට වරාය බටහිර පර්යන්තය ඉන්දියාවට පවරාදීම ගැන තමන්ගේ විරෝධයක් නැතැයි වරාය නැගෙනහිර පර්යන්තය සුරුකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරැ සංජය කුමාර වැලිගම දේශයට පැවසීය.

මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු දැක්වූ හෙතෙම කියා සිටියේ නැඟෙනහිර පර්යන්තයෙන් දිනකට රුපියල් මිලියන 27ක (ලක්ෂ 270) ආදායමක් ලැබෙන බවය. එම නිසා වරාය නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම අවාසිසහගත ගනුදෙනුවක් බවද ඔහු අවධාරණය කළේය. 

වරාය නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරාදීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වරාය වෘත්තීය සමිති කිහිපවිටක්ම ජනාධිපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා සහ වරාය සභාපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබුණද මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව ඔහු පැවසීය. ඉදිරි දින කිහිපය තුළද සාකච්ඡා සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට පසුබට නොවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.