2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

කොමිෂන් සභා පහක් තීන්දුයි: දෙකක් පත්කිරීම කල්දමයි

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

I දේශපාලන වාර්තාකරු

ස්වාධීන කොමිෂන් සභා පහක් සඳහා සාමාජිකයන් පත්කිරීමට තීන්දු කළ පාර්ලිමේන්තු සභාව කොමිෂන් සභා දෙකක සාමාජිකයන් පත්කිරීම පසුවට කල් තැබී්‍ය.

ඒ අනුව මැතිවරණ කොමිසම, අල්ලස් හෝ දූෂණ කොමිෂම, රාජ්‍ය සේවා කොමිසම, රාජ්‍ය මුදල් කොමිසම සහ ජාතික පොලිස් කොමිසම යන කොමිෂන් සභාවලට සභාපතිවරුන් හා සාමාජිකයන් පත් කැරිණි. එහෙත් මානව හිමිකම් කොමිසම හා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කොමිසමට අදාළ පත්වීම් අනුමත කිරීම පසුවට කල් තැබිණි. ඊට හේතු වූයේ මෙම කොමිෂන් සභා සඳහා දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ද නාම යෝජනා ලබා ගත යුතු බැවින් යැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

විශේෂයෙන්ම මානව හිමිකම් කොමිසම හා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කොමිසම පත්කිරීමේදී රටේ ප්‍රධාන ජන වර්ග සඳහා නියෝජනයක් තිබිය යුතු යැයි නීතිමය සම්මතයක් ඇතැයි ද වාර්තා වෙයි.