2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

සජබ ව්‍යවස්ථාව 09 වැනිදා

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 21

I ගයාන් ගාල්ලගේ

සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාව එළඹෙන 09 වැනිදා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා දේශයට පැවසීය.

ඒ අනුව පක්ෂයේ විධායක සභාවට එදින ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමෙන් පසුව සම්මත කොට එය සහතික කරන බව ඒ මහතා සඳහන් කළේය.

පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා දින දෙක මන්ත්‍රීවරුන්ට යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන් බවත් ඉන්පසුව එහි නීතිමය කටයුතු සහතික කොට අවසන් ව්‍යවස්ථාව සකස් කරන බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් කීය.