2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

ටෙස්ට්කිට් ජාවාරමක් - සී.අයි.ඩී.යෙන් පරීක්ෂණ

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

I ව්‍යාපාරික වාර්තාකරු

කොවිඩ් 19 වසංගතය හඳුනාගැනීම සඳහා කරනු ලබන පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල (ටෙස්ට් කිට්) සඳහා ජනතාවගෙන් අධික මිල ගණන් අය කරන විවිධ ආයතන ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි අනුව බව වැඩිදුරටත් දැනගන්නට ඇත. ජාත්‍යන්තර වෙළෙඳපොළේ රුපියල් 1000/- පමණ වන (ටෙස්ට්කිට්) සඳහා අධික මිල ගණන් අය කරන ආයතන හඳුනාගැනීම මෙම පරීක්ෂණයේ අරමුණය. විවිධ ආයතන මගින් මෙම (ටෙස්ට්කිට්) මෙරටට ගෙන්වා ඇති අතර ඒවා කොපමණ ආනයනය කර තිබේද යන වාර්තා ඔවුන් රජයට ඉදිරිපත් කර නැති බවද වාර්තා වෙයි.