2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

කොවිඩ් වෛරසයේ බෝකරන හැකියාව දවස් 7න් ඉවරයි

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

ආරක්ෂක වාර්තාකරු I

කොවිඩ් 19 වෛරසය බෝවුණ කෙෙනකුගේ ශරීරයේ දින 52ක කාලයක් වෛරසය පවතින නමුත් දින 7කට පසු එය තවත් කෙනකුට බෝකිරීමේ හැකියාවක් නැති බව විශේෂඥ වෛද්‍යවරුන් ෙසායාගෙන තිබේ. මේ බව රජයේ කොරෝනා මර්දන බලකායටද වාර්තා කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

කෙනකුගේ ශරීරයේ පවත්නා වෛරස ප්‍රමාණය මනින සී.ටී. අගය 32ට වඩා වැඩි අවස්ථාවලදී ද එම තැනැත්තා නිරෝගී පුද්ගලයකු ලෙස සැලකෙයි. එහෙත් දැනට ප්‍රකාශ වී ඇති ආකාරයට පී.සී.ආර්. පරීක්ෂණවල නිවැරදිතාව 70%ක් බවද ඇතැම් අවස්ථාවල පරීක්ෂණ හතරකින් එකක් නිවැරදි නොවිය හැකියැයිද විශේෂඥවරුන් සඳහන් කර තිබේ. එම නිසා හැකිතාක් රෝගය බෝවීම වළක්වා ගැනීම ජනතාවගේ වගකීමක් බවද කොරෝනා මර්දන බලකායට වාර්තා කර ඇත.