2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

සමගි ජන බලවේගයට අලුත් ව්‍යවස්ථාවක්

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

I දේශපාලන වාර්තාකරු

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමගි ජන බලවේගය පක්ෂයේ ව්‍යවස්ථා කෙටුම්පත ලබන 30දා (හෙට) පක්ෂයට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බව එහි මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා දේශයට කීය.

නව ව්‍යවස්ථාවෙන් දැනට තිබෙන පක්ෂ ව්‍යූහය වෙනස් කෙරේ. නව ආසන සංවිධායකයන් ද පත් කෙරේ. පක්ෂයේ නායකයාට අමතරව හවුල්කාර පක්ෂවල නායකයන්ට ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු පිරිනැමෙයි. ඒ සමඟ තම පක්ෂය අලුත් පක්ෂයක් ලෙස ව්‍යවස්ථාගත කිරීමට සිදුවන බව මහ ලේකම්වරයා පැවසීය. ඉන් පසුව 2021 වසර සඳහා පක්ෂයට නව සාමාජිකයන් බඳවාගෙන පක්ෂය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නේයැයිද ඔහු පැවසීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01