2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

කලාපේ මේ මාසේ පාඩුව කෝටි 400ක්

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

I හසිත් අංජන

කොරෝනා වසංගතය හේතුවෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ නිෂ්පාදන අඩාල වීමෙන් මෙම මාසය තුළ රුපියල් කෝටි 400ක පමණ ආදායමක් අහිමි වී ඇති බව කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා දේශයට කීය.

මෙරට ප්‍රධාන නිදහස් වෙළෙඳ කලාපයන් වන කටුනායක, බියගම, මීරිගම, මල්වත්ත, වතුපිටිවල සහ කොග්ගල යන ඒවායේ කම්හල් 275ක් පමණ පිහිටුවා ඇත. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් බැහැර තවත් කම්හල් 86ක් පමණ පිහිටුවා තිබේ. මේවායේ සේවය කරන සේවක සේවිකාවන් 60%ක් පමණ සේවයට නොපැමිණෙන බැවින් නිෂ්පාදන කටයුතු බරපතළ ලෙස කඩාවැටී ඇතැයි හෙතෙම සඳහන් කළේය.