2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා රජයේ එම්.සී.සී. තීන්දුව පොම්පියෝ විමසයි?

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

දේශපාලන වාර්තාකරු l

ලබන 28දා කොළඹට පැමිණෙන අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා එම්.සී.සී. ගිවිසුම ගැන ශ්‍රී ලංකා ආණ්ඩුවේ තීරණය කුමක්දැයි විමසීමට නියමිත බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. ඔහු මෙම විමසීම කරනු ඇත්තේ එම්.සී.සී. පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙනි.

මෙයට අමතරව තවත් ප්‍රධාන කරුණු තුනක් ගැන ඔහු ශ්‍රී ලංකා රජයේ නායකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ශ්‍රී ලංකා සහ අමෙරිකානු හමුදා අතර පුහුණු වැඩසටහන්, මෙරට අමෙරිකානු ආයෝජන සහ රට තුළ සංහිඳියාව ගොඩනැගීම මෙම සාකච්ඡා සඳහා තේමා වන සෙසු කරුණු තුනය.

ඉන්දියාවේ සහ මාලදිවයිනේ නිල සංචාරයක් සඳහා දකුණු ආසියාවට එන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලබන 28 වැනිදා කොළඹට පැමිණෙන්නේ පැය කිහිපයක සංචාරයක් වෙනුවෙනි. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවීමට නියමිතය. අමෙරිකාවේ රාජ්‍ය ලේකම් පදවිය දරණ මයිකල් පොම්පියෝ මහතා දිගු කලක් එරට සී.අයි.ඒ. (රාජ්‍ය බුද්ධි අංශයේ) ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01