2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

සුවධරණී වෙළෙඳපොළට

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

I හසිත් අංජන

කොවිඩ් 19 වසංගතය මැඩලීම සඳහා දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සම්බන්ධව සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශ නිෂ්පාදනය කර ඇති සුවධරණී ආයුර්වේද ඖෂධ පැකේජය වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

පිරිසුදු දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන මෙම ඖෂධය කොවිඩ්-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තීකරණ ඉහළ නැංවීම සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බව විෂය භාර අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කීය.

පසුගිය සිකුරාදා වනවිට මෙම සුවධරණී ඖෂධය වෙළෙඳපොළට ලැබී ඇතත් එය නිෂ්පාදනය කරන අමුද්‍රව්‍යවල හිඟයක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

දිවයිනේ ප්‍රධාන පෙළේ ආයුර්වේද සමාගම් ගණනාවකට ද රාජ්‍ය අමාත්‍යංශය මගින් මෙහි අමුද්‍රව්‍ය වට්ටෝරුව ලබා දී ඇති අතර ඉදිරියේදී එම ආයුර්වේද සමාගම් මගින් ද සුවධරණී ඖෂධය ජනතාවට ලබාගත හැකි බවද විෂය භාර අමාත්‍ය සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00