2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

20 විභාගයට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

අධිකරණ වාර්තාකරු l

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පෙත්සම් විභාගය සඳහා අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කර තිබේ. එහි සභාපතීත්වය දරන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාය. සෙසු සාමාජික විනිසුරුවරුන් ලෙස පත්කර ඇත්තේ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබ_, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුය.

20 වැනි සංශෝධනය සම්බන්ධ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තිබෙන අවසන් දිනය ලබන 28 සඳුදාය. එනිසා මෙම පෙත්සම් සලකා බැලීම ලබන අඟහරැවාදා එනම් 29දා සිට සිදු කිරීමට තීන්දු කර ඇත. ගිය සිකුරාදා වනවිට 20 වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් 18ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබිණි.