2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

20ට ඡන්ද ගැනීම වගන්තියෙන් වගන්තිය

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 311

දේශපාලන වාර්තාකරු l

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඡන්දය විමසීම වගන්තියෙන් වගන්තිය ගෙන වෙන වෙනම සිදු කෙරෙයි. එහිදී ව්‍යවස්ථා සංශෝධනය ගැන විකල්ප මත දරන්නන්ට සංශෝධන ඉදිරිපත් කර සම්මත කරගත හැකි බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම සංශෝධනය ගැන සාකච්ඡා වූ මොහොතේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් යම් යම් වගන්ති ගැන විකල්ප මත ඉදිරිපත් කර තිබිණි. එහෙත් ජනාධිපතිවරයා එහිදී දැඩිව ප්‍රකාශ කර තිබුණේ තමන් ජනපතිවරණයේදී 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවට ජනතාවට ප්‍රතිඥා දුන් නිසා පළමුව එය අහෝසි කොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවය. අවශ්‍ය සංශෝධන වෙතොත් කාරක සභා අවස්ථාවේදී සලකා බලමු යැයිද ජනාධිපතිවරයා කියා තිබේ.

ඒ අනුව දැන් ඉදිරි කටයුතු සම්පාදනය වෙමින් පවතී. ලබන 22දා 20 වැනි සංශෝධනය මැතිසබයට ඉදිරිපත් කොට නොවැම්බර් මස 4දාට පෙර එය සම්මත කර ගැනීම රජයේ අරමුණය.