2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

දරුවෝ කිලෝමීටර් 28ක් උදේ - සවස පයින් යන පාසලක්

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 383

I විශේෂ වාර්තාකරු

දිනකට පැය පහක කාලයක් තුළ කිලෝ මීටර් 28ක් දුර ගෙවා පයින්ම පාසල් යන දරුවන් සිටින ශ්‍රී ලංකා පාසලක් ගැන බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය (BBC) නොබෝදා විශේෂ වාර්තාවක් පළ කළේය.

බී.බී.සී. වාර්තාවට අනුව එම පාසල පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බලන්ගොඩ අධ්‍යාපන කලාපයේය. පාසලේ නම විවේගානන්ද විද්‍යාලයයි. බී.බී.සී. වාර්තාකරුට එම විදුහලේ විදුහල්පති අමිත් සංජු ප්‍රකාශ කර ඇත්තේ පාසලට පැමිණෙන සමීපතම ගමේ ළමයි කිලෝමීටර් 4ක් දුර ගෙවා පාසලට එන බවය. දුරම ළමයා කිලෝ මීටර් 14ක් දුර පයින්ම පාසලට පැමිණ නැවතත් කිලෝමීටර් 14ක් දුර ගෙවා සවස නිවසට යන බවය. ඒ අනුව දිනකදී එම දරැවන් කිලෝමීටර් 28ක් දුරක් පාසලට පැමිණීමට හා පිටත්ව යාම සඳහා ගෙවිය යුතුය.

දරුවන් 92 දෙදෙනෙකු අධ්‍යාපනය ලබන මෙම පාසලේ දුර සිට පැමිණෙන දරුවන් සඳහා කුඩා නේවාසිකාගාරයක් ඇති බව පවසන විදුහල්පතිවරයා එහි නතර වන දරුවකුගෙන් මසකට රු.1500ක ආහාර පාන වියදමක් අයකරන බව ප්‍රකාශ කර ඇත. එම මුදල ගෙවීම බොහෝ දෙමව්පියන්ට දුෂ්කර බැවින් දරුවන් මහා ගිරිදුර්ග හරහා පාසලට එවන බව විදුහල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.