2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

රෙඩිමේඩ් ඇඳුම් ගෙන්වන්න අවසර

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 298

I ව්‍යාපාරික වාර්තාකරු

උත්සව සමය ඉදිරියට යෙදෙන බැවින් දිවයිනේ ප්‍රධාන පෙළේ ව්‍යාපාර සමාගම්වල ඉල්ලීම අනුව නිමි ඇඳුම් ආනයනයට රජය තාවකාලික අවසරයක් ලබාදුන් බව මුදල් අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

නිමි ඇඳුම් ආනයනය කරන්නන් දින 90ක ණය පහසුකම යටතේ ඒවා ආනයනය කළ යුතු යැයි කොන්දේසියක් රජය විසින් පනවා තිබේ. ඊට හේතුව මෙරට විදේශ මුදල් එකවර විදේශීය රටවලට ඇදීයාම වැළැක්වීම බවද ප්‍රකාශ වී තිබේ.
නිමි ඇඳුම්වලට අමතරව දේශීය කර්මාන්ත සඳහා අත්‍යවශය යම් යම් රසායන ද්‍රව්‍ය කිසියම් කාලසීමාවකට යටත්ව ආනයනයට අවසර දුන් බව මුදල් අමාත්‍යංශ ප්‍රකාශකයා කීය.