2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

ආණ්ඩු මාරුවන සැරේට කැලෑ කැපීම් වැඩිවෙනවා - ඇමැති අමරවීර

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

I ගයාන් ගාල්ලගේ

නව ආණ්ඩුව පත්වීමත් සමඟ පරිසර විනාශ කිරීමේ සිද්ධීන්වල වර්ධනයක් ඇති බවට තමන් පිළිගන්නා බවත් එවැනි විනාශ කිරීම් සඳහා මැදිහත්වන දේශපාලනඥයන්ට විරැද්ධව තමන් නීතිය ක්‍රියාත්මක කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශයට පැවසීය.

එසේම සමාජ මාධ්‍යවල පැතිරෙන පරිසර විනාශ කිරීම් බහුතරයක් ගැන තමන් පෞද්ගලිකව සොයා බැලීමේදී ඒවා අසත්‍ය තොරතුරු බව තහවුරු වී ඇති බව හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් පරිසරය විනාශ කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ඉදිරි සතියේ නව හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා කීය.

ආණ්ඩු මාරැවීමත් සමඟ ප්‍රාදේශීය දේශපාලඥයන් මධ්‍යම ආණ්ඩුවේ බලය පෙන්වමින් පරිසරය විනාශ කිරීම් සඳහා මැදිහත් වීම් ඉතිහාසයේ පටන් සිදුව ඇති බවත් එහෙත් තමන් ඊට ඉඩ නොදෙන බවත් අමරවීර මහතා පැවසීය.