2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

ඩොලර් කෝටි සීයේ ණය ගෙවීමට රජය සූදානම්

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

I ව්‍යාපාරික වාර්තාකරු

ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක් හෙවත් ඩොලර් මිලියන 1000ක විදේශ ණය ප්‍රමාණයක් ලබන මස තුළ රජය විසින් විදේශ රටවල් හා ආයතන ගණනාවකට ගෙවිය යුතුව ඇත.

මේ ගැන දේශය කළ විමසුමකට පිළිතුරු දුන් මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා කියා සිටියේ කිසිදු අඩුවකින් තොරව එම ණය පියවීමට රජය සූදානම් බවය. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන සම්පාදනය කරගෙන ඇති බැවින් විදේශ ණය පියවීමේ ගැටලුවක් නැතැයිද ඔහු පැවසීය.