2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

මහ පොත් දැක්ම ඇරඹෙයි

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 24

22 වැනි වරටත් පවත්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 18 වැනි සිකුරාදා පෙ.ව. 9.00ට ආරම්භ කෙරිණි. පොත් ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි 400කට අධික සංඛ්‍යාවක් පිහිටා තිබේ. මෙවර විශේෂත්වය නම් කොවිඩ්-19 අවදානම නිසා විදේශික ප්‍රකාශන සමාගම්වල කිසිදු නිලධාරියකු ඊට සහභාගි නොවීමය.

22 වැනි වරටත් පවත්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 18 වැනි සිකුරාදා පෙ.ව. 9.00ට ආරම්භ කෙරිණි. පොත් ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි 400කට අධික සංඛ්‍යාවක් පිහිටා තිබේ. මෙවර විශේෂත්වය නම් කොවිඩ්-19 අවදානම නිසා විදේශික ප්‍රකාශන සමාගම්වල කිසිදු නිලධාරියකු ඊට සහභාගි නොවීමය. ඒ වෙනුවට විදේශීය ප්‍රකාශන සමාගම්වල ප්‍රදර්ශන කුටිවලට ඔවුන්ගේ දේශීය නියෝජිතයන් සහභාගි වන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය මහතා දේශයට පැවසීය.

පොත් ප්‍රදර්ශනය 27දා දක්වා දිනපතා උදේ 9.00 - රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙන අතර සංස්කෘතික සංදර්ශන, සංගීත වැඩසටහන්, සාහිත්‍ය සංවාද ආදිය ද දිනපතා පැවැත්වේ. පාඨකයන්ට සුරක්ෂිතව ආහාරපාන ලබාගැනීමේ පහසුකමද මෙවරත් තිබෙන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ ප්‍රදර්ශනයේදී 100%ක් අනුගමනය කරන බවද සියලු දෙනාම මුව ආවරණ පැළඳ පැමිණිය යුතු බවද පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපතිවරයා දේශයට පැවසුවේය.