2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

20 ප්‍රජාතන්ත්‍ර විරෝධීයි: අපි විරුද්ධයි - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 119

චමිඳු නිසල් l

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය කරන සංශෝධනයක් බැවින් ජාතික ජනබලවේගය ඊට එරෙහිව මැතිසබයේ ඡන්දය පාවිච්චි කරන බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.

පසුගිය මහ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනතාව හිස් චෙක්පතක් අත්සන් කර දී තිබේ. එම නිසා ජනපති ප්‍රමුඛ පොදුජන පෙරමුණ ආණ්ඩුව සිය අභිමතය පරිදි 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර ඇත. මේ අනුව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටි ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වන ජනවරම ජනතාව විසින් ලබාදුන් බැවින් ආණ්ඩුව ඒ සඳහා කටයුතු කරමින් සිටින බව හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසීය.

20 වැනි සංශෝධනයට විරෝධය පෑමට පවතින ඉඩකඩ සීමිත වන අතර පාර්ලිමේන්තුව තුළ ඊට එරෙහිව පවත්වන විවාදයේදී කරුණු දැක්වීම සහ සංශෝධනයට එරෙහිව ඡන්දය භාවිත කිරීම ප්‍රමාණවත් යැයි ද සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01