2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

සජබෙන් 19+ (ප්ලස්) යෝජනා මාලාවක්

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 18

I හසිත් අංජන

රජය ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විකල්ප වශයෙන් ඉදිරිපත් කරන 19+ (ප්ලස්) යෝජනා මාලාවෙන් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු නව විධිවිධාන ගණනාවක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 

රජය ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජනබලවේගයේ විරෝධය පළකරන අතර එමගින් යහපාලන රජය ගෙන ආ 19 වැනි සංශෝධනයෙන් නීතිගත කරන ලද ප්‍රජාතාන්ත්‍රික අයිතීන් විනාශ වන බවද ඔහු සඳහන් කළේය.

20 වැනි සංශෝධනයට විරුද්ධ සියලු බලවේග එක්කර ගනිමින් මෙම 19+ (ප්ලස්) යෝජනා මාලාව ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.