2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

මන්ත්‍රී ගණන විපක්ෂයට එදාට බලාගන්න පුළුවන් - මන්ත්‍රී සාගර කාරියවසම්

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

දේශපාලන වාර්තාකරු l

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා රජයට ලැබෙන සැබෑ ඡන්ද සංඛ්‍යාව ඡන්ද විමසන දිනයේදී විපක්ෂයට දැකබලාගත හැකිවෙතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා දේශයට කීය.

කවුරුන් කුමක් ප්‍රකාශ කළත් මෙම සංශෝධනය සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණයටත් වඩා ඡන්ද රජය සතු බව කී ලේකම්වරයා ඒ ගැන තමන්ට කිසිදු සැකයක් නැතැයිද පැවසීය. ඒ නිසා රජයට ලැබුණු ජනවරම අනුව නියමිත ලෙස නිත්‍යනුකූලව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මැතිසබයට ඉදිරිපත් කොට සම්මත කර ගන්නා බවත් ඊට සහාය දෙන සියලුම මන්ත්‍රීන් සමඟ අදාළ එකඟතා ඇතිකරගෙන හමාර බවත් හෙතෙම අවධාරණය කළේය.