2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

මට නීතියට වඩා ජනතාව ලොකුයි - රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

I ගයාන් ගාල්ලගේ

තමන්ට නීතියට වඩා ජනතාව ලොකු බවත් ඒ නිසා තමන් සැමදා ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයකු බවත් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා දේශයට පැවසීය.

ආනවිලුන්දාව ඩෝසර් කිරීමේ සිද්ධිය හේතුවෙන් තම සහෝදරයා සැඟවී සිටින බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය. ඕනෑම මොහොතක තම සොහොයුරා පොලීසියට අවශ්‍ය නම් ඔහු නිවෙසේ සිටින බවත් එසේ සිටියදී අත්අඩංගුවට නොගෙන සිටී නම් එය පොලීසියේ වරද මිස තමන්ගේ වරදක් නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන්ගේ නම සම්බන්ධ කරමින් ප්‍රචාරය වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවද ඔහු වැඩිදුරටත් පැවසීය.