2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

කැබිනට් ඇමැතිවරු 26 ක්

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 969

දේශපාලන වාර්තාකරු I

ලබන සතියේ ස්ථාපිත කෙරෙන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 26 දෙනකුට සීමා කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තීන්දු කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය සඳහා සාමාජිකයන් 30 දෙනකු පත්කළ හැකි වෙතත් ජාතික අවශ්‍යතා සලකා අමාත්‍ය මණ්ඩලය මෙලෙස සීමා කෙරේ.

කැබිනට්ටුවේ 26 දෙනාට අමතරව කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරැන් 40 දෙනකු පත් කිරීමට ව්‍යවස්ථාවෙන් අවසරය හිමිව ඇත. ඒ අනුව කැබිනට් නොවන අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය පදවි 40ම ස්ථාපිත කෙරේ. කැබිනට් මණ්ඩලය, කැබිනට් නොවන අමාත්‍ය මණ්ඩලය හා නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය එක්වූ විට සියලුම තනතුරු ගණන 66කි.

මෙකී අමාත්‍ය මණ්ඩලය මහ මැතිවරණයේදී තෝරා පත්කර ගනු ලැබූ මන්ත්‍රීන්ගේ නාමලේඛනය ගැසට් කළ වහාම පත් කෙරෙති. ඊට පෙර අග්‍රාමාත්‍ය පදවියට මහින්ද රාජපක්ෂ මහතා පත් කෙරේ. ඒ සමඟ දෙවසරක කාලයක් තුළ තුන්වරක් අග්‍රාමාත්‍ය පදවියට පත්වීමෙන් ඔහු වාර්තාවක් තබනු ඇත.