2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

පස්වරක් අගමැති වූ රනිල් නැති මැතිසබයක්

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 291

I දේශපාලන වාර්තාකරු

වාර පහක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මහ මැතිවරණයෙන් පරාජයට පත්විය. ඔහු මුල්වරට පාර්ලිමේන්තු පැමිණියේ 1977 ජූලි මස පැවති මහ මැතිවරණයෙන් බියගම ආසනය නියෝජනය කරමිනි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවයත් සමඟ 1993 මැයි මස 01දා ප්‍රථම වරට අග්‍රාමාත්‍ය ධූරයට පත් හෙතෙම පසුගිය යහපාලන ආණ්ඩුව දක්වා වාර 5ක් මෙරට අගමැති ධූරය දරා වාර්තාවක් තැබීය. ඔහුගේ පාර්ලිමේන්තු කාලය වසර 43කි.

පසුගිය වසරේ එ.ජා.පය දෙකඩ වීමත් සමඟ එ.ජා.පය තුළ අර්බුදයක් හටගත් අතර මෙවර මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ හෙතෙම පරාජයට පත්විය. එහෙත් එජාප ජාතික ලැයිස්තුවට මන්ත්‍රී ධූරයක් හිමිවන නිසා අවශ්‍ය නම් වික්‍රමසිංහ මහතාට නැවතත් මැති සබයට පැමිණීමේ හැකියාව තිබේ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01