2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවා - අනුර කුමාර දිසානායක

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

හසිත් අංජන I

මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් එහිදී සිදුවූ අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිසංවිධානය වෙමින් ශක්තිමත් වැඩපිළිවෙළක් දියත් කිරීමට සූදානමින් සිටින බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

ඒ මහතා කියා සිටියේ රට ගොඩනැගීමේ ශක්තිමත් වැඩපිළිවෙළක් ඉදිරියේදී ජනතාව වෙත පිරිනැමීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය සූදානම් බවයි. 

බලාපොරොත්තු වූ පරිදි මහ මැතිවරණයේ ප්‍රතිඵලය වෙනස් වුවද ජාතික ජනබලවේගය වෙත ඡන්දය ලබාදුන් සියලුදෙනා වෙත ස්තුති කරන බවත් ආණ්ඩුවේ දේශපාලන හැසිරීම පිළිබඳව නිරතුරුවම විමසිල්ලෙන් සිටින බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.