2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

ආණ්ඩුව කාගෙ වුණත් ජනපතිගෙන් ප්‍රමුඛතා 5ක්

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1015

I දේශපාලන වාර්තාකරු

ඉදිරියේ කවර පක්ෂයකින් රජයක් පත්වුවත් රටේ සංවර්ධනයේදී විශේෂයෙන් හඳුනාගත් ක්ෂේත්‍ර 5කට ප්‍රමුඛතාව ලැබිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇත.

ඉදිරි අයවැය සකස් කළ යුත්තේද එම ක්ෂේත්‍ර 5 කටයුතු විධිමත් ලෙස පවත්වාගෙන යාමට මූලිකත්වය දෙමින් බව ජනාධිපතිවරයා ස්වකීය ජ්‍යෙෂ්ඨ නිලධරයන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව රටෙන් පානීය ජල හිඟය තුරන් කිරීම, ඉඩම් අහිමි ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම, පළාත් සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය - පළාත් අධ්‍යාපන සේවාව සැලසුම් සහගත ලෙස සංවර්ධනය කිරීම කුඩු වසංගතය හා පාතාලය මර්දනය ජනාධිපතිවරයා විසින් හඳුනාගත් විශේෂ ක්ෂේත්‍ර 5යි.

මෙම ක්ෂේත්‍ර පහ සඳහා විශේෂයෙන් මුදල් වෙන්කර අවශ්‍ය පියවර ගැනීමට දැනටමත් තීන්දු කර තිබේ. ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා දිවයින පුරා කරන ලද සංචාරවලදී ජනතාව හමුවී කතාබස් කොට ලබාගත් තොරතුරු අනුව මෙම ප්‍රමුඛතා හඳුනාගැනිණි.