2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

ප්‍රේමලාල් ජයසේකර පෝරකේට

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 296

I ගයාන් ගාල්ලගේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) ඇතුළු තිදෙනෙකුට පසුගිය සිකුරාදා (31) රත්නපුර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරන ලදී.

ප්‍රේමලාල් ජයසේකරට අමතරව අනෙක් දෙදෙනා වන්නේ සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාය.

2015 ජනාධිපතිවරණය එවකට ජනාධිපති අපේක්ෂකයකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවකු කහවත්ත ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණු නඩුවකට අදාළව මෙම මරණ දඬුවම නියම කර තිබිණි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01