2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

කොළඹ නගර සභාව ණයවෙයි

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 199

I ජයන්ත සමරකෝන්කෝන්

කොළඹ මහ නගර සභාව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ආදායම් අහිමි වීමත්, අමතර වියදම් දැරීමට සිදුවීමත්, මෙම තත්ත්වයට හේතු වී ඇතැයි එහි නිලධාරීහු පවසති.

ඊට පිළියමක් ලෙස මහා සභාවේ අනුමැතිය මත රුපියල් මිලියන 600ක බැංකු ණයක් ලබාගෙන ඇතැයිද භාණ්ඩාගාරික දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට නගර සභාවේ බැංකු අයිරාව රුපියල් මිලියන 1800ක් බවද ස්ථාවර තැන්පතු අරමුදල රුපියල් මිලියන 2000ක් බවද නාගරික භාණ්ඩාගාරික සුනේත්‍රා පතිරත්න මහත්මිය පැවසුවාය.

මේ පිළිබඳව කරන ලද විමසුමකදී නාගරික කොමසාරිස් රෝෂිනි දිසානායක මහත්මිය පැවසුවේ කොරෝනා වසංගත තත්ත්වය මත නගර සභාවට හිමි ආදායම අහිමි වීමත්, අමතර වියදමක් දැරීමට සිදුවීමත් නිසා රුපියල් මිලියන 600ක ණයක් ලබාගැනීමට සිදුවූ බවය.

කොවිඩ් 19 නගරයට කළ බලපෑම කොපමණ වුවද එදිනෙදා පොදු සේවාවන් එලෙසින්ම පවත්වාගෙන යාමට සිදුවනු ඇතැයිද ඇය සඳහන් කළාය.