2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

සජිත්පිල දිනුවොත් විද්‍යාත්මක කැබිනට්ටුවක් - චම්පික රණවක

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

I ගයාන් ගාල්ලගේ

සමගි ජන බලවේගයේ විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය මේ වනවිටත් තීරණය කර ඇතැයි එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා දේශයට පැවසීය.

එම කැබිනට් මණ්ඩලය රාජ්‍ය සේවයේ විශ්‍රාමික පරිපාලන නිලධාරීන්ගෙන් යුක්ත කමිටුවක් විසින් විද්‍යාත්මකව සකසන ලද්දක් බවද හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන් එම කැබිනට් මණ්ඩලය අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා අධීක්ෂණය කෙරෙන බවත් එහිදී හොඳම කැබිනට් අමාත්‍යවරයා තෝරාගැනීමක් සිදුකරන බවත් ඒ මහතා කීය.

පාර්ලිමේන්තු සැසිවාරවලට සහ කැබිනට් රැස්වීම්වලට සහභාගි වීම මෙන්ම කැබිනට් ඇමති ධූරය හරහා සිදුකරන ලද කටයුතු සම්බන්ධයෙන් වසරකට වරක් සමාලෝචනයක් සිදුකරන බවත් එහිදී හොඳම අමාත්‍යවරයා තෝරාගන්නා බවත් හෙතෙම කීය. වැඩ නොකරන ඇමතිවරැන් ඉවත් කරන බවද රණවක මහතා පැවසීය.

මේ ක්‍රමය රාජ්‍ය අමාත්‍යවරුන්ටද අයත් බවත් විශේෂයෙන් තරැණ මන්ත්‍රීවරැන්ට අවස්ථාවක් හිමිවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.