2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

රාජ්‍ය ඇමැති ක්‍රමය අහෝසියි!

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

I දේශපාලන වාර්තාකරු

නව ආණ්ඩුව පත් කිරීමේදී මෙතෙක් පැවති රාජ්‍ය අමාත්‍ය ක්‍රමය අහෝසි කෙරෙනු ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ වෙනුවට කැබිනට් ඇමැතිවරුන්ට හා සමානව විෂය කාර්යයන් විශේෂ ව්‍යාපෘති සහ රාජ්‍ය ආයතන පැවරෙන කැබිනට් නොවන අමාත්‍ය පදවි ස්ථාපිත කෙරෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) (අ) වගන්තිය අනුව කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට සීමා කර තිබේ. එහෙත් මෙවර මුල්වටයේදී කැබිනට් අමාත්‍ය පදවි සියල්ලම එකවර පත් නොකිරීමට ඉඩ ඇත. ව්‍යවස්ථාවේ 46 (1) (ආ) වගන්තිය අනුව කැබිනට් නොවන අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනකු පත් කිරීමටද ජනාධිපතිවරයාට අවකාශ සලසා තිබේ. කැබිනට් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව එකතු කළවිට 70 දෙනකුට නව පත්වීම් ලබාදීමට ව්‍යවස්ථාවෙන් අවසරය හිමිවෙයි.