2020 ජුලි 11 වන සෙනසුරාදා

2020ට අයවැයක් නෑ

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 21

I ව්‍යාපාරික වාර්තාකරු

2020 වසරට අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකිරීමට රජය තීන්දු කර ඇත. ඒ වෙනුවට අගෝස්තු සිට දෙසැම්බර් දක්වා මාස 4ක කාලය ද අතුරු සම්මත ගිණුමක් මගින් පවත්වාගෙන යෑමට නියමිතය.

එහෙත් ලබන ඔක්තෝබර් මාසයේ දී අයවැය ලේඛනයක් මැතිසබයට ඉදිරිපත් කෙරේ. ඒ ගෝඨාභය මහින්ද රජයේ ප්‍රථම අයවැය ලේඛනයයි. එය මේ වන විට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර හා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සකස් කිරීම ආරම්භ කර තිබේ. මෙවර අයවැය මගින් ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ලබාදුන් ප්‍රතිඥා කිහිපයක් ඉටු කිරීමට අපේක්ෂා කරන බව දේශය වෙත මේ ගැන අදහස් දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.